මීට සුළු මොහොතකට පෙර වික්‍රමසිංහ මහතාට විරුද්ධව උද්ඝෝෂණයක් ගෙන ගිය අතර මේ වන විට ඔහුට පක්ෂව සිටින පිරිසක් ද නිවස අසලට පැමිණ වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් එම ස්ථානයේ රැදී සිටිති.
කෙසේවුද, තම නිවස ඉදිරිපිට උද්ඝෝෂණයකට පිරිසක් එවීමට දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී රාසා මානික්කම් මහතා කටයුතු කරමින් සිටින බව හිටපු අගමැතිවරයා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඒ මහතා වට්ස්ඇප් සමූහයක් වෙත යොමුකර තිබූ පනිවුඩයක් කියවමින් කියා සිටියේ එහි දැක්වෙන ආකාරයට අද (07) පෙරවරු 9.00 ට කාන්තා විද්‍යාලය අසලට පැමිණෙන ලෙස දන්වා ඇති බවයි.
කෙසේවුවද, ඔහු අවධාරණය කරනු ලැබුවේ කාන්තා විද්‍යාලය අසලට රැස්වෙන්නේ එම විදුහලේ ආදි සිසුවියන් බවයි.
අරුණි ඩබ්ලිව් හා ක්‍රිෂාන්ත කරුණාරත්න වැනි කණ්ඩායම් තම නිවස ඉදිරියට රැස්වනු ඇතැයි හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
කොළොන්නාව පැත්තෙන්ද කට්ටියක් පැමිණෙන බව ඔහු එහිදී කීය.