Pasidol
Sathosa Ad Final Sinhala
Apr 14, 2017

රජයේ කාර්යාල වෙලාව සංශෝධනයට සැරසෙයි

පවතින අධික රථ වාහන තදබදය හේතුවෙන් රජයේ  කාර්යාල වේලාව සංශෝධනය කිරිමට අදාළ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මහා නගර හා බස්නාහිර  සංවර්ධන අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ මාස 03ක කාලයක් සදහා එම නියමු වැඩසටහන බත්තරමුල්ල අවට රජයේ අමාත්‍යංශ හා කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් ඉදිරියේදී ක්‍රියාවට නංවන බව මහා නගර හා බස්නාහිර  සංවර්ධන අමාත්‍යංශ ලේකම්  නිහාල් රූපසිංහ මහතා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමග මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය  මේ වන විටත් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top