May 14, 2022

මහින්දගේ මැරයෝ ගැන අහගන්න අරගල කරුවන් 2ක් කැඳවයි! Featured

ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත අරගලකරුවන් අතරින් නියෝජිතයින් දෙදෙනෙකු කැඳවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

පසුගිය 9 වැනිදා ගාලු මුවදොර ආශ්‍රිතව සිදූවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාවේදී නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අපොහොසත්වීම පිළිබඳව සිදුකරන විමර්ශනයට අදාළව කරුණු විමසීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (13) එම කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහිදී අදාළ සිදුවීම් මාලාව පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් ගත් පියවර සම්බන්ධයෙන් ඔහු විසින් දීර්ඝ ලෙස පැහැදිලි කිරීමක් සිදුකළ බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.

එම හෙළිදරව් වූ කරුණු මත ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත අරගලකරුවන් අතරින් නියෝජිතයින් දෙදෙනෙකු කැඳවා කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top