විදුලි බිල සංශෝධන කටයුතු රජයේ ප්‍රතිපත්ති මත තීරණය කෙරෙනු ඇති බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
"ඒක තීරණය වෙන්නේ රජයේ ප්‍රතිපත්ති මත. රජයේ තීරණය කළොත් මේකට සහනාධාරයක් දෙනවා, මොන කණ්ඩායමට ද සහනාධාරයක් දෙන්නේ කියලා, ඒ ප්‍රතිපත්ති මත තමයි අපි තීරණය කරන්නේ විදුලි බිල සංශෝධනය විය යුත්තේ කියලා. ඒක රජයේ ප්‍රතිපත්තිය. රජයේ ප්‍රතිපත්තිය අපිට දන්වපුවාම අපි ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු සූදානම් කරනවා."
පෝයට ලයිට් කපන්නේ නෑ
වෙසක් පොහොය යෙදී ඇති හෙට මැයි (15) දා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ජනක රත්නායක මහතා පවසයි.
ඉදිරි මාස කිහිපය තුළ පැය 10ක 12ක පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඒ මහතා අවධාරණය කළේය.
ඉදිරි දින කිහිපයේදී දීර්ඝ කාල සීමාවක් විදුලි කප්පාදුව සිදුවන බවට පළවන වාර්තා අසත්‍ය බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සබැඳි පුවත්