මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.
පහත්බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත් වෙන්න
පවතින වර්ෂාවත් සමග රත්නපුර ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.
පවතින වර්ෂාවත් සමග කුඩා ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පහත්බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.