May 14, 2022

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් අමාත්‍යාංශයේ ලේකම් තනතුරු වලට එපා

අමාත්‍යාංශ ලේකම් තනතුරු සඳහා සුදුසුකම් සහිත සක්‍රිය සේවයේ නියුතු ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පත් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් අමාත්‍යාංශයේ ලේකම් තනතුරු සඳහා පත් නොකරන ලෙසය.

ඒ වගේම විශ්‍රාමික නිළධාරීන් පත්කර කිසිදු අමාත්‍යාංශයක හෝ ආයතනයක කැපී පෙනෙන කාර්ය සාධනයක් පසුගිය කාලසීමාව තුළ තුළ සිදුවී නොමැති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පෙන්වා දී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top