එය විශේෂ රාජ්‍ය සමාව යටතේ ලබාදීමට නියමිතව ඇති බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
2022.05.15 දිනට යෙදි ඇති වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව.
2022.05.15 වන දිනට යෙදි ඇති වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය වෙනුවෙන් මෙවරද බන්ධනාගාරගත සිරකරුවන් සඳහා අතිගරු ජනාධිපතිතුමා වෙත ආණුඩුක්රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව ලබා දී ඇත. ඒ අනුව පහත සදහන් පරිදි දඩුවම් විඳින සිරකරුවන් සදහා සමාව හිමිවේ. 2022.05.15 වන දින විශේෂ රාජ්‍ය සමාව යටතේ දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයන් තුලින් සිරකරුවන් 244ක් නිදහස් වීමට නියමිතව ඇත.
1. බන්ධනාගාර ගතව 2022.05.15 දිනට සිර දඩුවම් විඳින සිරකරුවන් හට බන්ධනාගාරය තුල ගත කරන ලද වසරකට දින 14 බැගින් පොදු සමාව ලබා දීම.
2. දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව 2022.05.15 වන දිනට සිරදඩුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි විම.
3. 2022.05.15 වන දින වන විට බන්ධනාගාර ගතව සිරදඩුම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවු සිරකරුවන්ගේ දඩුවමින් හරි අඩක් අඩු කිරීම හා අඩකට වඩා වැඩි කාලයක් දඩුවම් විදින ලද සිරකරුවන්ගේ දඩුවමේ ඉතිරි ශේෂය අහෝසි කිරීම.
4. වසර 40 කට හෝ ඊට වැඩි සිර දඩුවම් නියම කර ඇති 2022.05.15 වන දින වන විට මහාධිකරණයෙන් දඩුවම් නියම කල දින සිට වසර 20 කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.