May 14, 2022

මැයි 9 දේපළ කොල්ල කෑ අයට පොලිසියෙන් පණිවිඩයක්

මැයි (09) වැනිදා දිවයින පුරා හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ ව්‍යාපාරික ස්ථාන සහ නිවාසවල තිබූ දේපළ කොල්ල කෑමේ සිදුවීම් පිළිබඳ තොරතුරු 1997 හෝ 119 යන අංක වෙත ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දී තිබේ.

එම තොරතුරු සපයන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

මෙවැනි සිදුවීම් සම්බන්ධ වීඩියෝ දර්ශන සහ ඡායාරූප ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය වූ තිබු අතර එම සැකකරුවන් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන බව පොලිසිය පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top