මැති ඇමැතිවරුන් 55 දෙනකුට අයත් නිවාස ප්රචණ්ඩකාරීන්ගේ ප්රහාර වලින් සහ ගිනි තැබීම්වලින් විනාශයට පත් වුණි.
මිට අමතරව සෑම මන්ත්රීවරයෙකුටම අමතර ආරක්ෂකයින් හයදෙනකු ලබා දීමටද තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතර ජනපති මන්දිරයේදී අද (14) පැවති හමුවේදී මේ බව ප්රකාශ කර තිබේ.