May 14, 2022

"රට තුළ සාගතයක් ඇතිවීමට ඉඩ තියන්නේ නෑ" - රනිල්

රාජපක්ෂ රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට තමා සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

රට තුළ සාගතයක් ඇතිවීමට ඉඩ නොතබන බව බී.බී.සී ලෝක සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

"පළමුව ආර්ථික තත්ත්වයේ දරුණු බව සෙවිය යුතුයි. ඒ සම්බන්ධව කිසිදු කෙනෙකු ළඟ සම්පූර්ණ විස්තරයක් නැහැ.එය වෛද්‍යවරයෙකු පළමුවරට රෝගියෙකුට ශල්‍යකර්මයක් සිදුකරනවා වගේ. මම දන්නවා අපිට ප්‍රශ්න තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප සම්බන්ධ විය යුතුයි. මේ වසරේ අපි මුදල් සෙවිය යුතුයි.මම අපගේ මිත්‍ර රාජ්‍යයන් සමග සාකච්ඡා කරනවා. අපට උපකාර කිරීමට මෙන්ම මූල්‍ය අරමුදල් ලබාදීමට. ඒ වගේම විදේශ ආයෝජන ලබාගැනීම සඳහා අප අවශ්‍ය පරිසරය සකස් කරගත යුතුයි.
අද පස්වරුව වනවිට ඒ සම්බන්ධයෙන් මට දැනගත හැකියි. මම හිතන්නේ නැහැ විශාල ප්‍රමාණයක් ඇති බව.ඉන්දියාව අපිට උපකාර කරමින් සිටිනවා. නමුත් අප ජපානය, දකුණු කොරියාව සමගත් සාකච්ඡා කරන්න සූදානම්.ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රකාශ කරනවා ඉදිරි මාස කිහිපයේදී මේ තත්ත්වයෙන් ගොඩඒමට අප ගන්නා සැලසුම් පිළිබඳව.ජනතාවට අවශ්‍ය ඖෂධ, ආහාර සහ ඉන්ධන කඩිනමින් ලබාදීමට මම සහතික වෙනවා.අපි ජාත්‍යන්තරයෙන් උදව් ලබාගැනීම සඳහා සාකච්ඡා සිදුකරනවා.
කෙදිනකවත් සාගතයක් ඇතිවන්නේ නැහැ. අපි කෙසේ හෝ ආහාර සපයා ගනු ලබනවා. මම ඔවුන් සමග සාකච්ඡා කළ පසු උදව් ලැබෙනවා. ඔවුන් ජනතාව කුසගින්නේ තැබීමට කටයුතු කරන්නේ නැහැ.අගමැතිවරයා තෝරාගනු ලබන්නේ පාර්ලිමේන්තුවෙන්.පාර්ලිමේන්තුවේ සිටින දෙපාර්ශ්වයටම මාව අගමැති ලෙස වුවමනායි. ආර්ථිකය නිසි මඟට ගැනීමට.රාජපක්ෂ රජයේ බොහෝමයක් ප්‍රතිපත්තීන් මම වෙනස් කරන්න සූදානම් වෙනවා.
මට අවශ්‍ය නැහැ ගිණුම් පරීක්ෂා කරන්න. මට අවශ්‍ය මේ තත්ත්වයේ දරුණු බව සෙවීමයි.ආර්ථික කටයුතු කරන ආකාරය සහ මහ බැංකුව සතුව කොපමණ ප්‍රමාණයක් පවතීද? යන්න. මට අවශ්‍ය නැහැ ගිණුම් බලන්න ඒවා අකර්මන්‍යයි.මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් IMF සමග සාකච්ඡා කරනවා. නමුත් ආර්ථිකය තවමත් ක්‍රියාත්මක නැහැ.මම ශ්‍රී ලාංකික ජනතාවට කියන්න කැමතියි, ඉවසන්න.. මම නැතිවුණු දේවල් නැවත ගෙන එන්නම්.මට ජාත්‍යන්තරයට පැවැසීමට ඇත්තේ අපි නැවත අපේ දෙපයින් නැගිටීමට සූදානම් බව.අපට වසරක කාලයක් සඳහා ඔබේ උපකාර අවශ්‍යයි. ඔබෙන් ලබාගත් සෑම දෙයක්ම අප නැවත ගෙවීමට සූදානම්."

(මූලාශ්‍රය - දෙරණ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top