May 14, 2022

රනිල්ගෙන් සජිත් ට ලිපියක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එහි දැක්වෙන්නේ පක්ෂ බේද නොසළකා අත්වැල් බැඳගන්නා මෙන් සමගි ජන බලවේගයට ගෞරවයෙන් ආරාධනා කරන බවය.

අද (14) පැවති පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම අනුමත කර ඔහුට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

ගතවන දිනක් පාසා මෙරට අනාගතය දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දෙමින් පවතින බැවින් ඉහත ඉල්ලීම සඳහා කඩිනම් සහ ධනාත්මක ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන බවද අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කර තිබේ.

එම ලිපිය පහතින් දැක්වේ.

RW SPLetter1 670px 22 05 14

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top