May 14, 2022

දුමින්දගේ ගේ ඇවිලු 4ක් මාට්ටු

ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජතික සංවිධායක හා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අනුරාධපුර නිවෙසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කරයි.

ඉන් තිදෙනකු අනුරාධපුර නගරයේ පදිංචි කරුවන් වන අතර එක් අයකු මිහින්තලේ පදිංචි කරුවෙකි.

ගාලු මුවදොර හා අරලිගහ මැදුර අසල නිර්පාක්ෂික විරෝධතා කරුවන්ට ඉකුත් සඳුදා පහරදීමේ සිද්ධියෙන් පසු රට පුරා මැති ඇමැති නිවාස රැසකට ගිනි තැබීමේ සිද්ධීන් රැසක් වාර්තා විය. එම කලහ කාරී සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැවූ පොලිසිය එම ව්‍යපාරිකයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අධීකරණයට හෙට (14) ඉදිරිපත් කිරීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top