පසුගිය (09) වැනිදා රාත්‍රීයේ දී අයුතු ජන රාශියක සාමාජිකයින් වී නිවෙස් ගිනි තබා දේපොලවලට හානි කිරීමේ චෝදනා මත ගම්පහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (14) සවස අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් පස්දෙනකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය නියෝග කළාය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ මිනුවන්ගොඩ පාදේශීය සභා මන්ත්‍රී හසන්ත ලක්මාල් පෙරේරා යන අයවලුන් ගේ නිවාසවලට මෙම සැකකරුවන් විසින් ගිනිතබා තිබේ.
උඩුගම්පල, කෙහෙල්බද්දර, වීදියවත්ත සහ මදුරුවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් පස්දෙනකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.