Pasidol
Sathosa Ad Final Sinhala
Apr 15, 2017

මියගිය ගණන 20 දක්වා නගියි : සාගලට විරෝධය

මීතොටමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේවන විට (පස්වරු 1.30) 20ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් විශාල පිරිසක් අතුරුදන් යයි වාර්තා වන හෙයින් ඒ පිළිබඳ සෝදිසි මෙහෙයුම් දිගටම සිදුකෙරෙමින් පවතී.

සිද්ධියෙන් තුවාල ලැබූ 11 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.

සාගලට විරෝධය - මරික්කාර්ට හූ කියයි

හානිය පිළිබඳ සොයා බැලීම සඳහා නීතිය හා සාමය ඇමති සාගල රත්නායක මහතා පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීහු ඇමතිවරයාට විරෝධය දැක්වූහ. ඇමතිවරයා සමගින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාටද “හූ“ කියමින් විරෝධතා දැක්වූහ.

"මැරුණ⁣ට පස්සේ මොනව බලන්න එනවද" යයි කියමින් ප්‍රදේශවාසීහු ඇමතිවරයාට විරෝධය දැක්වූහ.

මේ අතර මීතොටමුල්ල කුණු කන්දට විරෝධය දැක්වීමේ සංවිධානය පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ මෙය ස්වභාවික විපතක් නොව මිනී මැරුමක් බවයි.

“2011 සිට මේ කුණු කන්දට විරෝධය පැවැත්වෙනවා. කිසිම පිළිතුරක් නෑ“
“කුණු කන්ද නාය යාමට පැවැති ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවත් වගකිව යුතුයි. මිනී මැරීමේ චෝදනාව යටතේ ආණ්ඩු දෙකේම පාලකයන්ට මරණීය දණ්ඩනය නියම කළ යුතු වෙනවා“ යයි කුණු කන්ද ඉවත් කරගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ගිය නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය.

මූලාශ්‍රය - ලංකාදීප

ඡායාරූප - අශාන්ති වර්ණසූරිය

View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/news/3509-20#sigProId10974b9c36

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top