Sathosa

Apr 15, 2017

''මීතොටමුල්ලේදී 'හූ' කිවේ නැහැ'' - සාගලගේ ලේකම් කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ පරිදි අද (15) උදෑසන මීතොටමුල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වු නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාට හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාට ප්‍රදේශයේ ජනතාව 'හූ' කියා විරෝධය පළකර ඇති බවට 'ලංකාදීප' ය ඇතුළු වෙබ් අඩවි කිහිපයක පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් ශානුක කරුණාරත්න මහතා 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසීය.

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් අනතුරුව ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (14) රාත්‍රියේ සිටම අමාත්‍ය සාගල රත්නායක මහතා සොයා බැලූ බවද ඔහු පැවසිය.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ගතයුතු ක්‍රියාමාර්ග පැහැදිලි කළා :

''පළමුවෙන්ම අමාත්‍යවරයා මීතොටමුල්ල දහම්පුර ශ්‍රී රාහුල විද්‍යාලයේ පිහිටා තිබෙන මෙහෙයුම් මැදිරිය වෙත ගොස් දැනට සිදුකෙරෙන මෙහෙයුම් කටයුතු පිලිබදව සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත මෙහෙයුම් කටයුතු පිළිබදවද සොයා බැලීමක නිරතවුනා.

එම සිදුවීමේ යථාතත්වය පිළිබද සාකච්ජාවකට අමාත්‍යවරයා එක්වූ අතර එම සාකච්ජාවට යුද හමුදාපතිතුමන් සහ පොලිස්පතිතුමන් ඇතුලු එම ආරක්ෂක අංශවල ජේෂ්ඨ නිලධාරින්ද එක්ව සිටියා.

එහිදී අමාත්‍යවරයා විසින් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන්ට පැහැදිලිකර සිටියා.

එසේම අවතැන්වූ ජනතාව හමුවී ඔවුන් සමගද අදහස් හුවමාරු කරගැනීමක නිරත වුනා.

පසුව ඇමතිවරයා, පොලිස්පතිතුමන් සහ යුද හමුදාපතිතුමන් සමගද උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද කෙටි සාකච්ජාවන්හි නිරතවූනා.

ඉන් අනතුරුව කුණු කන්ද නායගොස් ඇති ස්ථානයටම ගොස් නිරීක්ෂණය කිරීමට කටයුතු කළා.

අවශ්‍ය පියවර ඉක්මන් කිරීමට :

එහිදී මෙම සිදුවීමෙන් විපතට පත්වූ කිහිපදෙනෙකු පැමිණ අමාත්‍යවරයා සමග සාකච්ජාවකද නිරත වුනා.

එහිදී අමාත්‍යවරයා, විපතට පත්වූ ජනතාවගේ නිවෙස්වල තිබෙන බඩු භාණ්ඩ ඉවත්කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් ඒ සඳහා හමුදාවේ සහ පොලීසියේ දායකත්වය නිසි පරිදි ලබාදෙන ලෙසත් පොලිස්පතිතුමන්ට සහ යුද හමුදාපතිතුමන් ඇතුලු ජේෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබුවා.

එම අවස්ථාවේදී යුද හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි යුද හමුදා නිලධාරීන් එම කටයුතු ආරම්භ කරනු ලැබුවා.

එමෙන්ම කුණු කන්ද නායගොස් ඇති ස්ථානයේ ගොඩගැසී ඇති පස් සහ කුණු කසල එම ස්ථානයෙන් ක්‍රමවත්ව ඉවත්කිරීම සදහා අවශ්‍ය පියවර ඉක්මනින් ගැනීමටද සාගල රත්නායක අමාත්‍යතුමන් එම නිලධාරීන් සඳහා උපදෙස් ලබාදුන්නා.

අගමැතිගේ උපදෙස් :

අමාත්‍ය සාගල රත්නායක මහතා අද උදෑසන 08.30 සිට උදෑසන 09.30 දක්වා පැයකට අධික කාලයක් එම ස්ථානය නිරීක්ෂණය කරමින් රැඳී සිටි අතර පසුව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රමූලිකත්වයෙන් පැවති රැස්වීමට සහභාගීවුනා.

ඇමතිවරයා මීතොටමුල්ල කසල කන්ද නායගිය ස්ථානයේ තත්වය සහ එය නිරීක්ෂණයේදී ගනු ලැබූ තීරණ එම සාකච්ජාවට දැනුම්දෙනු ලැබුවා.

එම අවස්ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධවෙමින් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දැනුවත් කරනු ලැබුවා. ''

comment (1)

  • Wimal Weerawansa

    කතුතුමනි, මෙය සියළු තොරතුරු නිවැරදයි.. පල කරන්න.. තවත් තොරතුරු 19 වනදාට එවන්නම්..
    **************************
    තමනට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ රිමාන්ඞ් බන්දනාගාරය තුල සිට කරන ලද උපවාසය හේතුවෙන් ඔහුගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ අති බහුතරයක් විරෝධය පල කර තිබේ.
    වීරවංශට ඇප හිමි වූ දිනයේම පක්ෂයේ ප්රධාන ලේකම්වරයා වන ප්රියන්ත විතාරණට දුරකතයෙන් අමතා දේශපාලන මණ්ඩලය අමතන්නැයි දන්වා ඇති අතර ප්රධාන ලේකම්වරයා එය ප්රතික්ෂෙප කරමින් ඔහුට පංච නින්දාවෙන් බැන වැදී ඇත්තේ තව දුරටත් දේශපාලන පොන්නයන් සමග දේශපාලනය කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බව කියමිනි.
    මේ තත්තවය මත විමල් වීවරංශ විසින්ම යන්තම් වැද පින්සෙන්ඩු වී දේශපාලන මණ්ඩලය මෙම මස 19 වැනිදාට කැදවා ඇති අතර එය බොහෝ දුරට ජාතික නිදහස් පෙරමුණ නම් අටමගලේ අවසන් දේශපාලන මණ්ඩල හමුව වීමටද ඉඩ ඇත.
    සංමාංිකයින් 17ක් පමණ සිටින දේශපාලන මණ්ඩලයේ සභිකයින් පහකට අඩු ප්රමාණයක් හැර අන් සියළු දෙනා වීරවංශට අමු සිංහලෙන් තැන තැන අමතමින් සිටිති. තව දුරටත් විමල් හා ගමනක් නැති බවත් ඔහු උද්දච්ච හීනමානකාරයෙකු මිස පංති නායකකමකටවත් සුදුසු නැති පිස්සෙක් යයිද ඇතැමෙක් පිටකොට්ටේ සතොස බිල්ඩිමේ හතරවෙනි කට්ටුවේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීම කියා තිබේ.
    මෙතෙක් මාධ්ය ප්රකාශකවරයා ලෙස කටයුතු කරන ලද මොහොමඞ් මුසම්මිල් විසින්ද වීරවංශ ප්රසිද්ධියේ විවේචනය කරමින් සිටින අතර ඔහු චෝදනා කරන්නේ වීරවංශගේ බිරිද හා දරුවන් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට වහලූන්, දාසයින් ලෙස බැණ වදින බවයි.
    ඇමති ධුරය දරන සමයේ වීරවංශ විසින් වංචා කරන ලද රාජ්ය මුදල් කෝටි 500කට වැඩි මුදල වංචා කල ආකාරය, සගවන ලද නැන් මිලට ගන්නා ලද මෙරට හා පිටරට දේපල සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සාක්ෂිා සහිතව මේ වන විටත් දේශපාලන මණ්ඩලයේ බහුතර සාමාජිකයින් අතර හුවමාරු වෙමින් ඇත.
    බිරිද ශසී හෝකන්දර ගෙදර කොල්ලන්ට බල්ලන්ට සිත් සේ නිදිවදින්නට අතහැර දමා බම්බලපිටියේ් වෙනම නිවසක ජීවත්වන වීරවංශ විසින් සිදු කරමින් සිටින් අමු තිරිසන් ක්රියාවක් ගැනද තොරතුරු ප්රධාන ලේකම්වරයාගේ පාර්ශවය සතුවන බව පැවසෙන අතර එය අති පාපතර නීච අසම්මත ලිංගික සබතාවන් දෙකක් ගැනය.
    පක්ෂයේ ලේකම් ප්රියන්ත විතාරණ ඇතුළු පිරිසක් මේ වන විටත් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මුණ ගැසී සාකච්චා කර ඇති අතර 19 වැනිදා පැවැත්වෙ දේශපාලන මණ්ඩල හමුවෙන් පසු එම පිරිස ජනාධිපතිවරයා හා එක් වනු ඇතැයිද පැවසෙන අතර ඒ ජාතික නිදහස් පෙරමුණේ අයිතියද සමගයි. ඉන්පසු එක්සත් ජනතා නිදහ්ස සන්ධානයේ පක්ෂයක් ලෙස ජාතික නිදහස් පෙරමුණ කටයුතු කරනු ඇත.
    **********

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top