May 18, 2022

උදයංග සුදු වෑන් ඒවි යැයි බියෙන්; කොමර්ෂල් බැංකුව පළි ගැනීමක?

සිය ජීවිත ආරක්ෂාවට යැයි කියමින් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සිය ෆේස්බුක් පිටුවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ මාධ්‍ය නිවේදනයෙන් ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරවා විසින් ඔවුන්ගේ සියලු ගිණුම් 2015 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා මාස 85ක කාලයක් තාවකාලිකව අක්‍රිය කර දමා ඇතැයි ද ඒ මහතා කියා සිටී.

එසේම තමා වසර 35ක කාලයක් පිටරට ජීවත් වූ බවත්, තම අනේවාසික ගිනුම්වල ඇති මුදල් නීත්‍යානුකූලව උපයාගත් ඒවා බවත්, මහ බැංකුව එදා මෙදාතුර දේශපාලන දඩයමක නිරතවන බවත්, තමා ගනුදෙනු කරනු ලබන කොමර්ෂල් බැංකුව ද පළිගැනීමක් සිදු කරන්නේ යැයි ඔහු එම නිවේදනයෙන් චෝදනා කර සිටී.

 
සම්පූර්ණ නිවේදනය

Letter
සබැඳි පුවත්
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top