Sathosa

Apr 16, 2017

'කසල කන්ද ඛේදවාචකයේ වගකීම UDA භාරගත යුතුයි' - ඉසුර Featured

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම සම්බන්ධයෙන් වැඩි වගකීමක් නාගරික සංවර්ධන අධිකාරිය (UDA) භාර ගත යුතු බව බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

කැළි කසල සම්බන්ධයෙන් වගකීම ඇත්තේ පළාත් පාලන අයතනවලට සහ පළාත් සභාවලට වුවද නාගරික සංවර්ධන අධිකාරිය ඊට අනවශ්‍ය අතපෙවීමක් සිදු කරන බව ඔහු කියා සිටියි.

මීතොටමුල්ල කසල කන්ද ඉවත් කිරීමට බස්නාහිර පළාත් සභාව මීට පෙර යෝජනාවක් ඉදිරිපත් කළ ද නාගරික සංවර්ධන අධිකාරියේ සහය නොලැබීමෙන් එම යෝජනාව ද යටපත් වූ බව ද බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.

මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට ඉදිරිපත් වී ඇති ව්‍යාපෘතියක් හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතළ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි 2016-10-8 දින 'සත්හඩ' පුවත්පත වාර්තා කර තිබිණ.


සබැඳි පුවත් :

මීතොටමුල්ල කුණු ලන්ඩනයට : චම්පික - ඉසුර ගැටෙති

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top