Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Nov 04, 2016

උතුර අවධානමක : ණය වෙනුවෙන් ජීවිත වන්දියක් Featured

යුද්ධයෙන් පසුව මූල්‍ය සමාගම් විසින් උතුරේ වැසියන්ට අධික පොලියට සුළු පරිමාණ ණය ලබා දෙනු ලැබීම නිසා ජනතාව ණය බරින් මිරිකී සිටින බව උතුරු පළාතේ දේශපාලන නායකයෝ පවසති.

ණය වාරික ගෙවාගැනීමට නොහැකිව මිනිසුන් සියදිවි හානිකර ගන්නා තත්ත්වයකට පත්ව සිටීම ඉතා කණගාටුදායක බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා 'බිබිසි සංදේශය'ට පැවසිය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ විසිහය හැවිරිදි කාන්තාවක් සිය ණය මුදල ගෙවාගැනීමට නොහැකිව වයස අවුරුදු දෙකහමාරක සිය දරුවා සමග ළිඳකට පැන දිවි හානි කරගැනීමේ සිද්ධියක් පිළිබඳව අදහස් දක්වමිනි.

දිවි හානි කරගත් නාගනාදන් සුගන්දිනී නැමති කාන්තාවගේ ස්වාමිපුරුෂයා පොලිසියට පවසා තිබුණේ එක්තරා මූල්‍ය සමාගමක් තම නිවසටම පැමිණ රුපියල් 25000ක ණය මුදලක් බිරිඳට ලබාදුන් බවයි.

එහි ණය වාරිකය ගෙවාගැනීමට නොහැකිව ඇය දුකසේ කල් ගෙවූ බවද ඔහු පොලිසියට පවසා තිබේ.

උතුරු පළාත් සෞඛ්‍යය ඇමතිවරයා පසුගිය සතියේදී මාධ්‍ය හමුවකදී කියා සිටියේ සාමය එළඹීමත් සමගම උතුරු හා නැගෙනහිර පළාත්වලට ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන රාශියක් පැමිණ ඇති බවකි.

මෙවැනි ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් ණය වාරික නොගෙවන පුද්ගලයින් බියගන්වා මුදල් අය කර ගැනීම සඳහා 'ආවා' වැනි මැර කාණ්ඩායම් වල සහය ලබාගෙන තිබිණ.

(මූලාශ්‍රය - බිබිසි සංදේශය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top