May 21, 2022

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය අදයි - ලාංකිකයින් 03ක් අපේක්ෂකයින් වෙයි

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (21) එරට වේලාවෙන් පෙරවරු 08ට ආරම්භ වී තිබේ.

එම ඡන්ද ප්‍රකාශ කිරීම පස්වරු 06ට අවසන්වීමට නියමිත බවද ලියාපදිංචි ඡන්ද දායකයින් මිලියන 17කට අධික බවද වාර්තා වේ.

ඉන් මිලියන 07 කට වැඩි පිරිසක් ඊයේ දිනය වනවිට තැපැල් ඡන්ද හා පූර්ව ඡන්ද ප්‍රකාශ කර තිබුණි.

අඛණ්ඩව 04වැනි වරටත් රාජ්‍ය පාලනය අපේක්ෂාවෙන් අගමැති ස්කොට් මොරිසන් ප්‍රමුඛ ලිබරල් ජාතික සන්ධානය මැතිවරණයට ඉදිරිපත් වී සිටින අතර ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂය වන්නේ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස්ගේ නායකත්වයෙන් යුත් ලේබර් පක්ෂයයි.

මෙවර ඕස්ට්‍රේලියානු මැතිවරණයට ලාංකික සම්භවයක් සහිත රන්ජ් පෙරේරා සහ විරෝෂ් පෙරේරා ලිබරල් පක්ෂය නියෝජනය කරමින්ද කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ලේබර් පක්ෂය නියෝජනය කරමින්ද තරග වඳියි.

රන්ජ් සහ කැසෙන්ඩ්‍රා මෙල්බන් හී හෝල්ට් ආසනයේ ප්‍රතිවාදී අපේක්ෂකයින් ලෙස තරග කිරීමද විශේෂත්වයකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top