Jun 19, 2022

පාස්පෝට් ලක්ෂ 3ක් ගත්තත් මාසෙකටම රට​ ​ගිහින් තියෙන්නේ 52,000යි

ගෙවුණු මාස හයට ගුවන් ගමන් බලපත්‍ර තුන් ලක්ෂ දොළොස් දහසක් ලබාගෙන ඇතත් ඒවා භාවිත කර පසුගිය මාසයේදී විදේශගතව ඇත්තේ 52,000ක් පමණක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එසේ රැකියා සඳහා පිටව ගොස් ඇති බහුතරය කටාර්, ඩුබායි, කුවේට් යන රටවල්වල රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

එක්දින සේවය යටතේ ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීමට මේ දිනවල දැඩි තදබදයක් ඇති අතර දිනකට එම සේවාව යටතේ දහසකට පමණ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කරයි.

කෙසේ වෙතත් ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දිනකට තුන් දහසක්, හාරදහසක් අතර ප්‍රමාණයක් ආගමන විගමන කාර්යාලයට පැමිණෙන බවද පැවසේ.

මේ හේතුවෙන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාණය ද වැඩිකිරීමට සිදුව ඇත.

සබැඳි පුවත්:

නොරොච්චෝලේ වගේ පාස්පොර්ට් පරිගණක නිතර කැඩෙන්නේ ඇයි?

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිමා නොවන මගඩිය

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top