එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය පැවසුවේ, වෙනසක් සිදු නොකර සියලු විභාග ඒ ආකාරයටම පවත්වාගෙන යාමට ද තීරණය කර ඇති බවයි.
මේ අතර ඉදිරි සතිය තුළ විශ්ව විද්‍යාල පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනිමේ බලය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් වෙත ලබා දි ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසා තිබේ.
පවතින තත්ත්වය හමුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයද වසාදමන බව එහි උපකුලපතිවරයා විසින් ඊයේ (18) නිවේදනය කර තිබුණි.
කෙසේවෙතත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසා ඇත්තේ විශ්ව විද්‍යාල වැසීම පවතින තත්ත්වයට විසඳුමක් නොවන බවයි.
ඊයේ දිනයේදී මාධ්‍ය හමුවක් අමතමින් එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා රජයෙන් ඉල්ලා ඇත්තේ ආර්ථික හා දේශපාලන අර්බුදය හේතුවෙන් මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් කඩාකප්පල් වීමට ඉඩ නොතබන ලෙසයි.