ඉදිරි සති තුන ඇතුළතදී රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල බරපතළ හිඟයක් නිර්මාණය වන බව ඒ මහතා පවසයි.
දැනට ඇතැම් ඖෂධ සඳහා භාවිත කරන ආදේශක ඖෂධ වර්ග ද ඉදිරි සති 3 ඇතුළතදී රෝහල් පද්ධතියෙන් අවසන් වනු ඇතැයි සභාපතිවරයා සඳහන් කළේ ය.
යම් රෝහලක් තොග ගබඩාවලින් ඖෂධ ඇණවුම් කළ විට සියයට විස්සක ප්‍රමාණයක් දැනට ලබාදෙන බව පැවසූ දසනායක මහතා එම ප්‍රමාණය ද ඉදිරි දින කිහිපයේදී අවසන් වනු ඇති බව අනාවරණය කළේය.
දැනට රෝහල්වලින් තෝරාගත් රෝගීන්ට පමණක් ඖෂධ දෙන බවත් එහිදී වයසින් වැඩි රෝගීන්ට වඩා තරුණ රෝගීන්ට ප්‍රමුඛත්වය දෙන බවද වාර්තා වේ.
ප්‍රතිජීවක වර්ග, කුඩා දරුවන්ට ලබා දෙන සිරප් වර්ග, දණහිසේ වේදනාවට ගන්නා වේදනා නාශක ආලේපනවල හිඟයක් ද පවතින බවද වැඩිදුරටත් වාර්තා වේ.