Jun 23, 2022

අමරකීර්ති ඝාතනයට පෙදරේරුවෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍ර අමරකීර්ති අතුකෝරාල මහතා පහරදී ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අංඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) නිට්ටඹුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අවුරුදු 32ක් වන මාදෙල්ගමුව පදිංචි පෙදරේරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සැකකරු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අමරකීර්ති අතුකෝරාල මහතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව මේ දක්වා සැකකරුවන් 32ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top