Jun 23, 2022

තෙල් පෝලිම පැන්න පොලිස් නිලධාරියට පහරදුන් හමුදා ලුතිනන් අත්අඩංගුවට

වරකාපොල පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට ලැබුණ ඩීසල් තොගයක් වාහනවලට ලබාදෙමින් සිටියදී පෝලිමෙන් පිට පැමිණි වාහනයකට ඉන්ධන ලබාදිමට කටයුතු කළ පොලිස් නිලධාරියෙකුට හමුදා නිලධාරියෙක් පහරදී තිබේ.

මෙම පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා රෝහල් ගත කර තිබේ.

පසුව පහරදුන් හමුදාවේ ලුතිනන් නිලයට අයත් නිලධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වරකාපොලට ඉන්ධන ලැබුණ පසු හමුදාව හා පොලීසිය මැදිහත්ව එය ජනතාවට ලබාදීමට කටයුතු කරන අතර පොලිම්වලින් පිට පැමිණෙන පුද්ගලයන්ට ඉන්ධන ලබානොදීමට කටයුතු කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top