Jun 23, 2022

හිරුණිකාගේ මාතෘත්වයට අපහාස කරන්න එපා - අගමැති Featured

තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මෙසේ අගමැතිවරයා පවසන්නේ, ශිෂ්ට සම්පන්න සමාජයක් මාතෘත්වයට අපහාස නො කළ යුතු බවයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍ය පරිශීලකයන් අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ අන් සියලු දේට වඩා මව යන සංකල්පය ඉහළ තැනක තබා කටයුතු කළ යුතු බවයි.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසලට පැමිණ විරෝධය පළ කරද්දී ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ අපහාසාත්මක ලෙස සංසරණය වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

වැඩිදුරටත් අගමැතිවරයා ප්‍රකාශ කළේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තම නිවස අසලට පැමිණ විරෝධය දැක්වූයේ දේශපාලන ප්‍රශ්නයක් සඳහා වන හෙයින් එය ඊට අදාළ මතවාදයකින් විසඳා ගත යුතු බව කියන අග්‍රාමාත්‍යවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මාතෘත්වයට අපහාස වන ලෙස ක්‍රියා නොකළ යුතු බවයි.

එමෙන්ම අන්තර්ජාලයේ අපහාසාත්මක සංසරණය වන ඡායාරූප සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙසේ තම ෆේස්බුක්හි සටහනක් තබා ඇත.

" මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරිදුන්නෙමි. මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි.(පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පියයුරු වලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි මට නිසැකය.ඔබ මාගේ පියයුරු ගැන කතා කොට, ඒවාට විසුළු කර, සිනා සී, මීම්ස් සදා අවසන් වූ විටෙක ඔබේ දැනගැනීමට ලියාතබමි.තවත් සිවිල් වැසියෙක් පෝලිමකදී මියගොස් තිබේ. "

RW HP1 670px 22 03 23

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top