Jun 23, 2022

නිවෙසේදී ම දරු ප්‍රසූතිය කරන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානමින්

එළැඹෙමින් පවතින බරපතලම ඉන්ධන අර්බුදය හමුවේ ගැබිනි මවුවරුන් රෝහල්ගත කළ නොහැකි වන අවස්ථාවල නිවෙසේදී ම දරු ප්‍රසූතිය කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානමින් සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කරයි.

එමෙන්ම ක්ෂේත්‍රයේ රාජකාරි කරන බැවින්, රෝහලේදී මෙන් ම ක්ෂේත්‍රයේදීත් ගැබිනි මවුවරුන්ගේ කටයුතුවලදී සහාය දීමට හා රැකවරණය දීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන් බැඳී සිටින බව ද සභාපතිනිය පවසයි.

මේ සම්බන්ධයෙන් ඇය පැවසුවේ, රටේ පවතින වතාවරණය යටතේ මේ වනවිටත් ග්‍රාමීය ප්‍රදේශවල යම් යම් ප්‍රවාහන දුෂ්කරතා පවතින බැවින් ඉදිරියේ තවත් බැරෑරුම් විය හැකි බව සලකා නිවසේ, ක්ෂේත්‍රයේ හෝ ඕනෑ ම අවස්ථාවකදී දරු ප්‍රසූතියකට මුහුණ දෙන මවකට පහසුකම් සැපයීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සූදානම් කරන බවයි.

තව ද රෝහල්වලදී මෙන් ම, ඕනෑ ම ස්ථානයකදී දරු ප්‍රසූතියක් සඳහා අවසරය හා බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් තම සාමාජිකත්වය වෙත පවරා ඇති බැවින් මෙම තීරණය ගත් බව කොඩිතුවක්කු මහත්මිය තවදුරටත් සඳහන් කරයි.

(මව්බිම)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top