Jun 23, 2022

දුර්ලභ සන් ෆිෂ් මත්ස්‍යයෙකු මන්නාරම මුහුදෙන් අසුවෙයි (ඡායා)

ඊයේ (22දා) සරු මසුන් අස්වැන්නක් ලද මන්නාරම වලෙයිකුඩා මුහුදු සීමාවේ ධීවරයින් පිරිසකට සුලභ ලෙස දක්නට නොලැබෙන සන් ෆිෂ් නැමති මත්ස්‍යයෙකුද හසුවී ඇති බව වාර්තා වේ.

මන්නාරම් බොක්ක ආසන්නයේ පිහිටි මෙම මුහුදු සීමාවේදී කොරල්පර විශේෂ 104 ක්, විශේෂ මුහුදු පැලෑටි 147, විවිධ වූ මසුන් වර්ග, කැස්බෑවුන් බහුලව ජීවත්වෙන අතර නම්කරන ලද එම ස්ථානයන්හි ධීවරයින් මසුන් ඇල්ලීමෙන්ද වැලකී සිටිති.

කෙසේ වෙතත් ඊයේ (22)  දින හසුවී ඇති මෙම සන් ෆිෂ් නැමති මාළු විශේෂය කුඩා මුඛයක් හා වරල් අඩුවෙන් තිබුනද ප්‍රමාණයෙන් විශාල වන අතර ඔවුන් සාමාන්‍ය වශයෙන් මුහුදේ මීටර් 200 ත් 600 ත් අතර ගැඹුරු මුහුදේ ජීවත්වන අතර එක් මත්ස්‍යයෙකු දිනකට කිලෝමීටර් 25 ක පමණ දුරක් පිහිනීම සිදුකරන බවට වාර්ථා වෙයි.

මන්නාරම් ධීවරයින්ට හසුවුනු මෙම සන්ෆිෂ් මාළුවෙකු කිලෝ 55 ක් පමණ බරකින් යුක්ත වන බවටද අදාළ මත්ස්‍යා පිළිබඳව සමුද්‍ර පර්යේෂන විශේෂඥයින්ට දැනුම් දීමටද ධීවරයින් පියවර ගෙන තිබුණු අතර එම දුර්ලබ මාලු විශේෂය දැකබලා ගැනීමටද විශාල පිරිසක් මන්නාරම් ධීවර ජැටියට පැමිණ සිටියහ.

image 342478a3a4

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top