Pasidol
Sathosa Ad Final Sinhala
Apr 21, 2017

මව්බිම විකුණුවේ නෑ - ටිරාන්

මව්බිම පුවත්පත සිරස හිමිකරු කිලී මහරාජාට විකුණා ඇති බවට පැතිරී ඇති පුවත සම්පූර්ණ අසත්‍ය බව මව්බිම හිමිකරු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මිරර් අදාළ කාරනාව සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

මෙය මව්බිම ජනප්‍රියත්වය බිඳ දැමීමට සිදුකරන ලද්දක් බවට තමා සැක කරණ බවද ඔහු පැවසීය.

මේ පුවතේ වාසිය ලබා ගැනීමට මෑතකදී ආරම්භ කරන ලද පුවත් පතක් උත්සාහ ගනිමින් සිටින බව මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාළ පුවත්පතේ හිමිකරුවන් විසින් මව්බිම පුවත්පත විකුණා ඇති බවට පලව ඇති වාර්තා ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ මුදල් ගෙවා ප්‍රචාරය කරමින් සිටින බවද වාර්තා වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top