Pasidol
Sathosa Ad Final Sinhala
Apr 21, 2017

හම්බන්තොට වරාය ගිවිසුම 25 දා අනුමැතියට Featured

හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගමට පැවරීමට අදාළව සංශෝධනය කරන ලද ගිවිසුම ලබන අඟහරුවාදා (25දා) පැවැත්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය කටයුතු කර ඇත.

වරාය අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව රැසකින් ඉදිරිපත් වූ අදහස් අනුව කිහිප වරක්ම යෝජිත ගිවිසුම සංශෝධන කොට තිබේ.

ඒ අනුව 99 වසරකට බදු දීම වෙනුවට අවුරුදු 50 -60 අතර බදු දීම, බදු සීමාව අවසන් වූ පසු එම කාලයේ පවතින වටිනාකමට අනුව යළි ශ්‍රී ලංකා රජයට පවරා ගැනීම වෙනුවට එක් ඩොලරයක් පමණ ගෙවා පවරා ගැනීම, වරායේ ආරක්ෂාව ශ්‍රී ලංකාවට භාරවීම, වරායේ අයිතිය 80 - 20 වෙනුවට 60 - 40 හෝ 51 - 49 ලෙස සංශෝධනය කිරීම ආදී සංශෝධන ගණනාවක් ඊට ඇතුළත් කොට ඇති බවද වාර්තා වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top