Jun 28, 2022

පැරාලිම්පික් ජාතික මලල ක්‍රීඩා තරගාවලිය දේශපාලඥයින්ට තහනම්..!

ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව සංවිධාන කරන ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය අද (28) සහ හෙට (29) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

සමාරම්භක උලෙළට හා සමාප්ති උලෙළට කිසිදු දේශපාලනඥයකු සහභාගී නොකිරීමට ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ තිබේ.

ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියට අනුග්‍රහය දක්වන ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙවර ශූරතාවලියේ උත්සව අවස්ථා සංවිධානය වේ.

මෙතෙක් පැවැති සෑම ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියකදීම ප්‍රධාන ආරාධිතයන් ලෙස විවිධ තරාතිරමේ දේශපාලනඥයන් සහභාගී කර ගැනීමට ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව කටයුතු කළ ද පවතින තත්ත්වය හමුවේ එසේ නොකිරීමට තීරණය කර ඇත.

ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියට මාස් හෝලිඩිං හා ඩයලොග් ආයතන අනුග්‍රහය ලබාදෙන අතර, සමාප්ති උලෙළ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී හෙට (28) පස්වරුවේ පැවැත්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top