Jun 28, 2022

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන නිවේදනයක්!

අපොස උසස් පෙළ විභාගය - 2021 (2022) ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් දැනුවත් කරමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ මෙම විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයෙහි ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇති බවය.

ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2022.06.29 දින සිට 2022.07.09 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන මහතා අද (28) පැවැති මාධ්‍ය හමුවකදී විභාග මෙසේ පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top