Jun 28, 2022

සංචාරක වාහනත් අත්‍යවශ්‍ය සේවාවක් කරයි

සියලුම සංචාරකයින් සඳහා ප්‍රවාහනය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි සංචාරක වාහන අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු ට්විටර් සටහනක් තබමින් සංචාරක හදිසි ඇමතුම් අංකය 1912 හෝ 0112 437759 සහය සඳහා අමතන ලෙස ද ඉල්ලා තිබේ.

රජය අද (28) නිවේදනය කළේ ප්‍රවාහන, සෞඛ්‍ය, ගුවන් තොටුපල, දුම්රිය, වරාය, ත්‍රිවිධ හමුදාව වැනි සේවා පමණක් අත්‍යවශ්‍ය සේවා ලෙස සලකා ඉන්ධන ලබාදෙන බවයි.

ජන මාධ්‍ය ද අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබීම විශේෂිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top