Jun 28, 2022

ජූලි 10 දක්වා තැපැල්, රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු වැඩ කරන්නේ මෙහෙමයි!

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ සියලු තැපැල් සේවා කටයුතු සතියකට දින 03කට සීමා වන බවතැපැල්පතිවරයා පවසයි.

ඒ අනුව, ලබන 10දා දක්වා තැපැල් සේවා සිදුකරනු ඇත්තේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණණි.

තවද, මහජන සේවා සැපයීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින්ද නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ වෙතින් සපයනු ලබනු උපත්/විවාහ/මරණ සහතික පිටපත් නිකුත් කිරීම සඳුදා සහ බදාදා දින 02 තුළදී පමණක් පෙ.ව. 8.30 - ප.ව. 4.00 දක්වා ක්‍රියාත්මක වේ.

තවද, එම දෙපාර්තමේන්තුවේ කවත් සේවා පැවැත්වෙන අයුරුද පහත මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට සහන කාලයක් ලබාදීමටත් ඒ අනුව ජූලි 29දා තෙක් දඩ මුදල් අය නොකිරීමටත් තීරණය කර තිබේ.

SriLanka Post 1 22 06 28

SriLanka Post 2 22 06 28

SriLanka Post 3 22 06 28

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top