Jun 28, 2022

IOC ෂෙඩ්වලින් ඕනෑම අයෙක්ට තෙල් දෙන බව කියයි!

සියලුම පාරිභෝගිකයින්ට සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහරින බව ලංකා IOC සමාගම පවසයි.

අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමා කිරීමකින් තොරව සහ සියලු පාරිභෝගිකයින්ට සීමාවන්ට යටත්ව ඉන්ධන බෙදා හරින බව එම සමාගම මාධ්‍ය වෙත පවසා තිබේ.

ඉන්ධන නිකුත් කිරීම සඳහා ආරක්ෂක අංශවල සහය යටතේ, ටෝකන් ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක බවද එම සමාගම කියයි.

ඒ අනුව ලංකා IOC සමාගම සීමාවන්ට යටත්ව පෙට්‍රල් නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ මෙසේය.

යතුරුපැදි  - රු. 1,500/-

ත්‍රිරෝද රථ  - රු. 2,500/-

කාර්  - රු. 7,000/-

සබැඳි පුවත්

මාධ්‍ය ආණ්ඩුවට අත්‍යවශ්‍ය සේවාවක් නෙවෙයි! (Update)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top