Jun 29, 2022

ජනපති ලබන මසේ රට යන්න සැරසෙයි!

ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ලබන මස දහවෙනිදායින් පසු රටපුරා අඛණ්ඩවම ඉන්ධන සැපයීමට රජය වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේ‍ය.

එක්සත් අරාබි එමීර් ගැන බිඳක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, 1971 වසරේදී නිදහස් ශෛක් රටවල් හතක් එක් වීමෙන් සැදුනකි.

අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම්-අල්, කුවේන්, රස්-අල්, කයිමා සහ ෆුජයිරා එහි ඇති රාජ්‍ය වෙති. රටේ අගනුවර හා විශාලම නගරය වන්නේ අබුඩාබියයි.

ප්‍රධාන ආගම ඉස්ලාම් වන අතර ප්‍රධාන භාෂාව අරාබි බසයි.

ලොව 7 වන විශාලම තෙල් සංරක්ෂිතය හා මැදපෙරදිග පවතින වඩා සංවර්ධනය වු ආර්ථිකයන්ගෙන් එකක් එක්සත් අරාබි එමීර් සතුවේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top