Apr 23, 2017

කුණු කන්දට රාජපක්ෂලා ලෝක බැංකුව එක්ක ගහපු සැලැසුම Featured

මීතොටමුල්ල කුණු කන්ද පුත්තලමට ගෙනයාමට සැලැසුම්කර තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

මේ සැලැසුම සකස්කරනු ලැබුවේ ලෝක බැංකුව සමඟ එක්ව බව ගෝඨාභය මහතා රිවිර පුවත්පත සමඟ සාකච්ඡාවකදී හෙළිකර ඇත.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.

“ අපි කොළඹ කුණු ඉවත්කරන මේ ව්‍යාපෘතිය නිකන් පටන් ගත්තේ නැහැ. ලෝක බැංකුව එක්ක එකතු වෙලා තමයි පටන් ගත්තේ. ලෝක බැංකුව මේ කටයුතු අධ්‍යයනය කර මුදල් වියදම් කළා. කොළඹ කුණු කන්ද පුත්තලමට ගෙනියන්න සැලසුම් කළේ ඒ අනුවයි. අපිට නිකන්ම පුත්තලමට කුණු කන්ද ගිහින් අතාරින්න බැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව එක්ක සාකච්ඡා වට ගණනක් පවත්වලා මීතොටමුල්ලට රේල් ට්‍රැක් එකක් දාන්න තීරණය කළා.”

“අපි 2013 දී ලෝක බැංකුවත් එක්ක මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඒක සම්පූර්ණයෙන් ප්ලෑන් කරන්න අවුරුදු එකහමාරක් විතර ගියා. මේක වළකට කුණු දානවා වගේ ‍නෙවෙයි. අපි හරි ක්‍රමයකට පුත්තලමේ තෝරාගත් භූමියකට කුණු දාන්නයි සැලසුම් කළේ. ඊට පස්සේ සම්පූර්ණ සැලැස්ම කැබිනට් එකට දාලා අනුමැතිය ගත්තා. 2014 අයවැයෙන් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කෙරුණා. 2015 දී කුණු බැහැර කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන්න තිබියදී තමයි ආණ්ඩු පෙරළිය සිදු වුණේ.”

මම කළ ව්‍යාපෘතියටයි චම්පික කොළඹ බෝඩ් ගහන්නේ - ගෝඨා

“ විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු විදියට කටයුතු කළ රොහාන් සෙනෙවිරත්නව මම ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ‍ලේකම් තනතුරකට පත් කරලා ගත්තේ කොළඹ සංවර්ධන ව්‍යාපෘතිය සඳහායි. මෙට්රෝ කලම්බු ඩිවලොප්මන්ට් ‍ප්‍රොජෙකට් එක භාර ප්‍රධානියා විදියට තමයි රොහාන් සෙනෙවිරත්නව ගත්තේ. ඒ නිලධාරියා දක්ෂ, අවංක නිලධාරියකු නිසයි මේ ව්‍යාපෘතිය භාර දුන්නේ. කලම්බු ඩිවලොප්මන්ට් ‍ප්‍රොජෙක්ට් එක ලෝක බැංකුව සමග කළ අවුරුදු පහක සැලසුමක් යටතේ ක්‍රියාත්මක කරන්න තිබ්බේ. අපි ඒ ව්‍යාපෘතිය අවුරුදු තුනක් කළා. ඒ යටතේ තමයි කොළඹ කසළ කළමනාකරණය කර පුත්තලමට යන ව්‍යාපෘතියක් අධ්‍යයනය කළේ. අවසානයේ ආණ්ඩු පෙරළියත් එක්ක කොළඹ සංවර්ධන වැඩපිළිවෙළත් අතර මග නැවතුණා. ලෝක බැංකු ව්‍යාපෘතිය අවසන් නොකළ නිසා චෝදනා එල්ල වෙද්දී තමයි චම්පික රණවක අමාත්‍යවරයා හදිසියේම අපි කරගෙන ආපු ව්‍යාපෘතිවලට ආරම්භක දිනය 2016 කියලා දාලා කොළඹ පුරාම මගේ ව්‍යාපෘතිවලට නම ගහගෙන බෝඩ් ගහන්න ගත්තේ."

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top