Jul 30, 2022

මාසයක් හරි නවතින්න බලාගෙන 9වෙනිදා කොළඹට එන්න- සරත් ෆොන්සේකා

රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්‍රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

පසුගිය මාසයේ නව වෙනිදා කොළඹට මෙපමණ විශාල ජන ගඟක් ඒවි යයි කිසිවකුත් බලාපොරොත්තු නොවූ බවත්,ලබන 9දා ද ජනතාව එසේම කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කරයි.

මේ ප්‍රශ්නයේදී රටේ සියලුම ජනතාව එකාවන්ව එකතු විය යුතු බව පැවසූ ෆොන්සේකා මහතා ආණ්ඩුවේ මර්දනයට බියවිය යුතු නැති බවද ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

ෆීල්ඩ් මාර්ෂල් අරගලයට දින දීම, ආණ්ඩු කුමන්ත්‍රණවල දිගුවක් - සර්වපාක්ෂික අරගලකරුවෝ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top