Sathosa

Apr 25, 2017

'2017 පළමු මැතිවරණය ජනමත විචාරණයයි' - කැබිනට් ප්‍රකාශක Featured

යහපාලන රජය 2017 වසරේ මුහුණ දෙන ප්‍රථම මැතිවරණය ජනමත විචාරණය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (25) පැවති සාකචිඡාවක දී අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නව ව්‍යවස්ථාව සදහා එම ජනමත විචාරණය පවත්වන බවයි.

පාර්ලිමේන්තුවෙන් එය සම්මත වූ පසු ජනමත විචාරණයට ලක් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

නව ව්‍යවස්ථාව සකස් කිරීම සදහා මෙවනවිට කමිටු පත්කිරීම සහ ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර ඇති බවත්, කඩිනමින් ව්‍යවස්ථාව සකස් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ජනමත විචාරණයෙන් පසු පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පවත්වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

සියළුම පළාත් සභා මැතිවරණ එකම දිනයක දී ද, සියළුම පළාත් පාලන ආයතන මැතිවරණ එකම දිනයක දී ද පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top