නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් ප්‍රකාශ කර ඇත්තේ, 2022 ජූලි 21 වන දින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් දා සිට උද්ඝෝෂකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන් සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම්, සෝදිසි කිරීම් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් හරහා විරෝධතා මැඩලීමට පොලිසිය සහ හමුදාව උත්සාහ කරමින් සිටින බවයි.
මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතවරියක වන මේරි ලෝලර් (Mary Lawlor) ප්‍රශ්න කර ඇත.
පොලිසිය පෙරේදා (04) ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගනු ලැබුවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් සංවිධානය කිරීමේ චෝදනාව යටතේය.
එසේ අත්අඩංගුවට ගැනුණු ජෝසප් ස්ටාලින් ලබන 12 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය ඊයේ (04) නියෝග කළේය.