Aug 05, 2022

ගෝඨාගෝගම ඉවත් කිරීමට අදාළව අධිකරණයේදී ප්‍රතිඥාවක් Featured

නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අද (5) ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණයට දන්වා සිටියේ, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් අදාළ කාල සීමාව තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මූලික නීතිමය පියවර ආරම්භ කිරීමට වගඋත්තරකරුවන්ට බාධාවක් නොමැති බව ද අධිකරණය ප්‍රකාශ කළේ ය.

එමෙන්ම අදාළ ප්‍රදේශයෙන් ස්වේච්ඡාවෙන් ඉවත් වීමට කැමති පුද්ගලයින්ට ඉන් ඉවත්ව යාමට මෙම එකඟතාව බාධාවක් නොවන බවත් අධිකරණය ප්‍රකාශ කළේ ය.

ගාලු මෝදර ගෝඨාගෝගම අරගල භූමියේ තිබෙන අනවසර ඉදිකිරීම් හා බෝග වගාවන් අද පස්වරු 5 ට පෙර ඉවත් කර ගන්නා ලෙසට පොලිසිය කර ඇති නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙම ප්‍රතිඥාව ලබා දීම සිදුව තිබේ.

(නිවුස්ෆස්ට්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top