Aug 05, 2022

QR කේතයට අලුතින් ලියාපදිංචි වීම්, පැය 48කට නවතියි Featured

ඉදිරි පැය 48 තුළ ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේතයට අලුතින් ලියාපදිංචිවීමට අවස්ථාව නොලැබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස බාධා සිදුවී ඇති බව එම ආයතනය පවසයි.

මේ අතර, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ මේ වන විටත් ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ට මෙමගින් බාධාවක් ඇති නොවන බවයි.

Kanchana Tweet 22 08 05

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top