Aug 05, 2022

කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනාට ඇප

රඹුක්කන ඉන්ධන පිරවුම්හලක් අසල ඇතිවූ සිද්ධියකදී පුද්ගලයෙකුට වෙඩිතබා සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට කෑගල්ල මහ අධිකරණය විසින් ඇප ලබාදී තිබේ.

එම සිද්ධියට අදාළව කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගා‍රගත කිරීමට කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කර තිබුණි.

අප්‍රේල් මස 19 වනදා රඹුක්කන ඉන්ධන පිරවුම්හල අසලින් ඉන්ධන ඉල්ලා ආරම්භ කළ උද්ඝෝෂණයක් අතරතුරදී පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් දෙදරු පියෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීය.

(අද දෙරණ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top