Aug 05, 2022

පෞද්. බස් හිමියන්ගේ වර්ජනය අවසන්

අද (05) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව බස් රථ හිමියන්ගේ සංගම් පවසයි.

ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබුණේ ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමට විරෝධය දක්වමිනි.

ප්‍රවාහන බලධාරීන් පෞද්ගලික බස් රථ වලට ප්‍රමාණවත් ඉන්ධන ලබා දීමට සහතික වීම නිසා වර්ජනය අතහැර දැමූ බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top