මේ සිද්ධීන් සම්බන්ධයෙන් මේවන විට විශේෂ බුද්ධි අංශයක් මඟින් විමර්ශනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද පැවසේ.
පොලීසිය පවසන්නේ, සොරාගන්නා ලද අංක තහඩු සවිකළ යතුරුපැදි සහ මෝටර් රථවලින් පැමිණ මෙම මනුෂ්‍ය ඝාතන සිදුකර ඇති බවට අනාවරණ වී ඇති බවය.
ගාල්ල, තිස්සමහාරාමය, අහුංගල්ල හා කතරගම යන පොලිස් වසම්වල යතුරුපැදි අංක තහඩු සොරකම් කිරීම සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇති බවද පොලිස් ස්ථාන පෙන්වා දෙයි.
පෙර සඳහන් කළ ප්‍රදේශවලින් සොරකම් කළ වාහන අංක තහඩු මනුෂ්‍ය ඝාතන සඳහා භාවිත කළ වාහනවලට සවිකර තිබුණු බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
මේ ආකාරයට යතුරුපැදි අංක තහඩු සොරකම් කිරීම් තවදුරටත් මෙවැනි අපරාධ සිදුකිරීමට පූර්ව සැලසුමක් ද යන්න පිළිබඳව ද පොලීසිය සැක මතුකර ඇත.
පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අංක තහඩු සොරකමක් සිදුවුවහොත් කඩිනමින් ළඟම ඇති පොලීසියට පැමිණිලි කරන ලෙසය.
ප්‍රසිද්ධියේම ගිනි අවි භාවිතය මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව අපරාධ සම්බන්ධ සමාජ විචාරකයන් විසින් පෙන්වා දී ඇති අතර මේ සම්බන්ධයෙන් මෙරට සහ විදෙස් රටවල සිට අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙහෙයවන සියලු පුද්ගලයන් හඳුනාගෙන ඇති බවද වාර්තා වේ.
ඔවුන් හා ඍජු සබඳතා පවත්වන පුද්ගලයන් පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කර අදාළ පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීම මේ අංශය හරහා සිදු කිරීමට නියමිතය.