Aug 07, 2022

ජනපති හදිසි නීතියට නැවත සංශෝධනයක් ගෙනෙයි!

මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජූලි 18 වැනිදා නිකුත් කළ හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කර තිබේ.

පසුගිය සිකුරාදාට අදාළව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් එම සංශෝධන සිදුකර ඇත.

ඒ අනුව, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365 ( අ ) සහ 365 ( ආ ) වගන්ති ඉවත් කර එම සංග්‍රහයේ 408 සහ 410යේ සිට 420 දක්වා වගන්ති හදිසි නීතිවලට අදාළව ඇතුළත් කර තිබේ.

එමෙන්ම මහාධිකරණයකදී වැරදිකරුවන් වූ විට නියම කරන දණ්ඩණ සම්බන්ධයෙන් පනවා තිබූ හදිසි නියෝග යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 ( අ  ) සහ 365 ( ආ ) වගන්ති ඉවත් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top