Aug 09, 2022

Exclusive - ජනපතිගේ ඇඳේ නිදාගත් මෙල්වා ආනන්ද් රට පැනලා? Featured

අරගලයට විශාල වශයෙන් මුදල් වියදම්කළ බවට චෝදනා එල්ලවී සිටින මෙල්වා සමූහයේ සභාපති ආනන්ද්රාජා පිල්ලෙයි මහතා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇතිව ඇතැයි "ශ්‍රී ලංකා මිරර්" වෙත වාර්තා වේ.

ඒ මහතා මේවන විට ලංකාවෙන් පලාගොස් ඇති බවට ද සැකයක් පවතින අතර ඔහුට පලායාමට ඉඩකඩ ලබාදීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවෙතද ඇඟිල්ල දිගුව තිබේ.

ඔහු අරගලය පැවැති දිනවලදී ඊට සෘජුව දායකවී ඇති අතර එසේම ඔහු ජනපති මන්දිරයට ඇතුළුවී ජනපතිවරයාගේ ඇඳේ නිදාගත් ඡායාරූප පවා ආරක්ෂක අංශ වෙත ලැබී ඇති බව පැවසේ.

ආනන්ද්රාජා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ කිට්ටු හිතවතෙක් බවද පැවසෙන අතර, ඒ මහතා මුදල් අමාත්‍ය ධූරය දරන ලද සමයේ ආනයනික යකඩ සඳහා අධික බදු අයකිරීමට කටයුතු කරනු ලැබුවේ ආනන්ද්රාජාගේ ව්‍යාපාරයට හා වානේ සංස්ථාවේ ආයෝජනය කර ඇති ජයදේව නන්දන ලොකුවිතාන යන මහත්වරුන්ගේ වැඩි වාසිය සඳහා බව මේ වනවිට ප්‍රසිද්ධ රහසක් වී තිබේ.

කෙසේවුවද, මේවන විට යකඩ මිල අධික ලෙස ඉහලයාම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය බිඳවැටී එම ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසකට රැකියාද අහිමිවී තිබේ.

ආනන්ද්රාජා මහතා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමඟ ද ඉතා කිට්ටුවෙන් කටයුතු කළ අයකු බව පැවසේ.

 

Anandraja 3

Anandraja 1

Anandraja

Anandraja 2

Anandraja 4

 

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top