Aug 10, 2022

"ගෝඨා ගෝ ගම" ගැන පෙත්සම් 4ක් ඉල්ලා අස්කරගනියි Featured

"ගෝඨා ගෝ ගම" අරගල භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4 ඉල්ලා අස් කරගන්නා බව එහි පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයට අද (05) දැනුම් දුන්හ.

ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස කොටුව පොලීසිය නිකුත් කළ නිවේදනය ට එරෙහිව ක්‍රියාකාරී අරගලකරුවන් සිව්දෙනකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම් හතරක් අද (10) සලකා බැලූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි

මෙම පෙත්සම් සෝභිත රාජකරුණා ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

මේ අතර, නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසා තිබුණේ ගාලු⁣ මුවදොර අරගල භූමියෙන් ඉවත්වන්න ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තීරණය කළ බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top