Aug 10, 2022

බිස්කට් අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්න යයි? Featured

බිස්කට් සමාගම් මිල ඉහළ දැමීම පිළිබදව ද අවධානය යොමු වී ඇති බව වෙළඳ අමාත්‍ය - නලීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් සමග පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

බිස්කට් අත්‍යාවශය භාණ්ඩයක් ලෙස නම් කර භාණ්ඩයේ මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය යටතට ගන්නා බව ඔහු එහිදී පවසා ඇත.

වෙළඳපොලේ ඇති ප්‍රධාන බිස්කට් සමාගම් පසුගිය කාලය පුරාවට අසීමිත ලෙස මිල වැඩිකිරීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි අප්‍රසාදයක් එල්ලවී තිබේ.

මේ අතර, සිමෙන්ති, යකඩ, වයර්, කුකුළු මස්, බිත්තර වැනි ද්‍රව්‍යවල බර හා මිල පිළිබදව ගැටලූවක් පවතින අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා පවසා ඇත.

විවෘත ගිණුම් ක්‍රමය හරහා ජූලි 1 දා සිට ආනයනික භාණ්ඩ 10ක් ගෙන්වීම ආරම්භ වූ බවත්, එම ආනයනික භාණ්ඩ මේ වන විට වෙළෙඳපලට පැමිණීම නිසා වෙළෙඳපලේ භාණ්ඩ තොග මිල අඩු වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top