Aug 11, 2022

ස්වාධීන වූ පක්ෂ 10න් නව සන්ධානයක්! Featured

නායකත්ව මණ්ඩලයක් යටතේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ දහය නව දේශපාලන සන්ධානයක් බිහිකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

පෙරේදා (09) රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

ලබන 21 වැනිදා මහරගම තරුණ සේවා සභාවේදී මෙම දේශපාලන සන්ධානය එළිදැක්වීමට නියමිතය.

සන්ධානයේ නිල නාමය පිළිබඳ විවිධ යෝජනා ඉදිරිපත් වී ඇති බැවින් ලබන සතියේදී අවසන් තීරණයක් ගැනීමට පක්ෂ නායකයන් මෙහිදී තීරණය කර තිබේ.

සන්ධානය සභාපතිවරයාට අමතරව සෑම පක්ෂයකටම එක සමාන බලතල ලැබෙන ලෙස නියෝජ්‍ය සභාපති ධුර ලබාදීමටද සැලසුම් කර ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කර ඇත්තේ ඇමැතිධුර බෙදා ගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවයි.

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව සර්වපාක්ෂික ආණ්ඩුවකට සහය නොදී නිහඬව කටයුතු කිරීමට මෙහිදී වැඩි බහුතරයේ යෝජනාව වී ඇති බවයි.

මේ සඳහා බලවත් රටකින් ආධාර අනුබල ලැබෙමින් ඇති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top