Aug 11, 2022

රන්ජන්ට නිදහස දෙන්න පොරොන්දුවක් ඉල්ලයි!

රංජන් රාමනායක මහතා අධිකරණය පිළිබද කළ අපහාසාත්මක ප්‍රකාශයට දිවුරුම් ප්‍රකාශයක් මගින් කණගාටුව පළ කල පසු ඔහුට ජනාධිපතිවරයා විසින් නිදහස දීම සුදුසු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.

ඒ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා තිබේ.

රංජන් රාමනායක මහතා සිපිරි ගෙය තුල යහපත් කල් ක්‍රියාවෙන් ගත කර ඇති බවද ඔහු පවසා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top